discovery news from around the world visit for fun news www.athirasa.info

Monday, February 13, 2017

බිව්වොත් කිරිපිටි හැදෙන ලෙඩ කියනු බැරී...කිරිපිටි සමග එන රෝග රැසක්‌ ගැන අලුත් ඉගියක්‌



කිරිපිටි බොහෝ රටවල වගේම අපේ රටෙත් වැඩිදෙනාගෙ ප්‍රියතම පානයක්‌. එම කිරිපිටිවල
අඩංගු සංඝටක අනුව ප්‍රධාන වශයෙන් ඒවා A1 වර්ගයේ ප්‍රොaටීන සහිත කිරිපිටි සහ A2 වර්ගයේ ප්‍රොaටීන සහිත කිරිපිටි ලෙස වර්ග කර තිබෙනවා. අපේ රටට වැඩිපුරම කිරි ආනයනය කරන්නෙ නවසීලන්තයෙන් සහ යුරෝපා රටවලින්. කෘෂිකාර්මික විද්‍යාඥයකු වන කිත් වුඩ්ෆොඩ් මෙම A1 සහ A2 කිරිපිටි සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයකදී සනාථ වූ කරුණක්‌ මුළු ලොවම සලිත කිරීමට සමත් වී තිබෙනවා.

මෙම කිරි අඩංගු A1 සහ A2 යන ප්‍රොaටීන සංඝටකයන් රෝග ගණනාවකට හේතු වන බවයි වුඩ්ෆොඩ්ගේ පරීක්‌ෂණ තුළින් සනාථ වී තිබෙන්නේ. එම රෝග අතර දියවැඩියාව, හෘදයාබාධ සහ ඔටිසම් වැළඳීමේ වැඩි අවදානමක්‌ ඇති බව ඔහු කියන්නේ ඇමරිකාවේ පළවන Aජරුs සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමිනුයි. මෙම ප්‍රොaටීන වර්ග දෙක අඩංගු කිරිවලින් වඩාත් හානිදායක විය හැකි වන්නේ A1 වර්ගයේ ප්‍රොaටීන අඩංගු කිරි බවයි කෘෂිකාර්මික විද්‍යාඥ කිත් වුඩ්ෆොඩ් පවසන්නේ. Aජරුs ඇමරිකාවේ පළවන තිරසාර කෘෂිකර්මාන්තයට මඟපෙන්වන ජාතික සඟරාවක්‌.


Aජරුsථ කිරිවල අඩංගු A1 සහ A2 ලෙස හඳුන්වන්නේ කුමක්‌ද?

මහාචාර්ය වුඩ්ෆොඩ්( කිරිවල ප්‍රොaටීන, මේද, කාබෝහයිඩේ්‍රට්‌, ඛනිජ ලවන සහ ජලය අඩංගුයි. එහි අඩංගු ප්‍රොaටීන සංඝටකය ප්‍රධාන කොටස්‌ දෙකකට බෙදා වෙන් කරන්න පුළුවන්. එනම් Caseසබ සහ උයෑහග Caseසබ ප්‍රොaටීනය A1 සහ A2 ලෙස නැවත වර්ග කරනවා. ඇත්තවශයෙන්ම මෙම A1 සහ A2 ප්‍රොaටීන ඉතා පැටලිලි සහිත සංඝටකයක්‌. කිරි යනු සංකීර්ණ නිෂ්පාදනයක්‌ නිසා එහි අඩංගු ප්‍රොaටීනවල යම් යම් වෙනස්‌කම් ඇතිවීමට වැඩි ඉඩකඩක්‌ තිබෙනවා.

Aජරුsථ කිරිවල අඩංගු මේ ප්‍රොaටීන පිළිබඳ පරීක්‌ෂණ පවත්වන්න ඔබ නැඹුරු වුණේ ඇයි?

මහාචාර්ය වුඩ්ෆොඩ්( මම කෘෂිකාර්මික ව්‍යාපාරික ක්‌ෂේත්‍රයේ මහාචාර්යවරයෙක්‌. එනිසාම ආහාරවල ඇති විවිධ සංඝටක පිළිබඳ මම අවධානය යොමු කරනවා. නමුත් කිරිවල අඩංගු A1 සහ A2 ප්‍රොaටීන පිළිබඳ තොරතුරු සොයාගැනීම ඉතාමත් අසීරු බව මට වැටහී ගියේ නිෂ්පාදන ආයතනවලින් ඊට කිසිම සහයෝගයක්‌ නොලැබුණු නිසා. මගේ මිත්‍රයෙක්‌ A2 වර්ගයේ කිරි නිෂ්පාදන සමාගමක අධ්‍යක්‌ෂවරයෙක්‌ ලෙස සිටින බව මට දැනගන්නට ලැබුණේ මේ අතරෙයි. කිරිවල අඩංගු මේ ප්‍රොaටීන ගැන Êඔබේ ආයතනය පරීක්‌ෂණ පවත්වල නැද්දැයි මම ඔහුගෙන් විමසුවා. ඔහු ලබා දුන් වාර්තා මම පුදුමයට පත් කළා. ඒ ඔස්‌සේ මා කළ පර්යේෂණ තුළින් කිරිවල අඩංගු මෙම ප්‍රොaටීන විපර්යාසයන්ට භාජනය වී ආසාදිත තත්ත්වයට පත්වන බව සොයාගත්තා. කිරිවල අඩංගු සංඝටකයක්‌ වන ලැක්‌ටොස්‌ අම්ලයේ අසමතුලිතතාවට සමග එම ආසාදිත ප්‍රොaටීන දියවැඩියාව, හෘදයාබාධ සහ ඔටිසම් වැනි රෝගී තත්ත්වයන්ට හේතුවිය හැකි බවයි මගේ මතය.

ඕක්‌ලන්ඩ් සරසවියේ මහාචාර්ය බොබ් එලියට්‌ කුඩා දරුවන්ට වැළඳෙන දියවැඩියා රෝගය පිළිබඳ පර්යේෂණ පවත්වන විද්‍යාඥයෙක්‌. නවසීලන්තයේ සමොන් ප්‍රාන්තයේ ඔහචැ 1 දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන කුඩා දරුවන් විශාල පිරිසක්‌ සහභාගි කරවාගෙන පැවැත්වූ පර්යේෂණවලින්ද පැහැදිලි වී තිබෙන්නේ එම දියවැඩියා තත්ත්වයට ජානමය බලපෑමක්‌ නොමැති බවත් එම දරුවන්ට ලබාදෙන ආහාර එයට සෘජුවම හේතු වී ඇති බවත්ය. නවසීලන්තයේ මෙම ප්‍රාන්තයේ දරුවන්ට අධික ලෙස කිරි ලබාදෙන බවද මහාචාර්ය එලියට්‌ හෙළිදරව් කරගෙන තිබෙනවා.

ලෝකයේ බොහෝ රටවලට කිරි නිෂ්පාදන බෙදාහරින නවසීලන්තයේ කිරි පර්යේෂණායතනය මේ පර්යේෂණ ප්‍රතිඵල පිළිබඳ තර්ක කරන්නේ අධික ලෙස ඔවුන්ගේ කිරි නිෂ්පාදන අලෙවි වන කෙන්යාව වැනි රටවලින් ටයිප් 1 දියවැඩියා රෝගී තත්ත්වයන් පිළිබඳ වාර්තා නොවන බවයි.

මහාචාර්ය බොබ් එලියට්‌ පවසන්නේ කෙන්යාවේ වැඩිපුරම භාවිත වන්නේ A2 වර්ගයේ කිරි නිෂ්පාදන වන අතර නවසීලන්තය සහ යුරෝපය වැනි ටයිප් 1 දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙන කුඩා දරුවන් වැඩිපුර හමුවන රටවල භාවිත කරන්නේ A1 වර්ගයේ කිරි බවයි. පැස්‌ටරීකරණ ක්‍රියාවලියේදීත් කිරිවල අඩංගුවන ප්‍රොaටීනවල ස්‌වභාවික ලක්‌ෂණ වෙනස්‌වීම්වලට භාජන වෙනවා. A1 වර්ගයේ කිරි A2 වර්ගයේ කිරිවලට වඩා විවිධත්වයකින් යුතුව මෙම ක්‍රියාවලියට භාජනය වන බවත් සොයාගෙන තිබෙනවා. ඇතැම් අවස්‌ථාවල එම ක්‍රියාවලියේදී මෝපීන් වැනි සංඝටක ඇතිවන බවත් සොයාගෙන තිබෙනවා. මොපීන් නිද්‍රdජනක ඖෂධ සඳහා භාවිත කරන සංඝටකයක්‌. කිරිවල අඩංගු ප්‍රොaටීනවල සිදුවන මෙම වෙනස්‌වීම උදරය හරහා ගමන් කරන රුධිර නාලවලට අවහිර පමුණුවන්නත් පුළුවන්. කිරිවල අඩංගු ප්‍රොaටීනවල මෙම ක්‍රියාකාරිත්වයන් නිසා ඇතිවන ආසාදන තත්ත්වයන් පිළිබඳව තවමත් නිශ්චිත නිගමනයකට එළඹ නැතත් ඒ පිළිබඳ අවධානයෙන් පසුවීම ඉතා වැදගත් බවයි මගේ අදහස.

No comments:

Post a Comment

Popular

Recent

Comments